Thursday, May 2, 2024

General line - 0115112241

යාපනයේදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ 12 දෙනෙකු අත්අඩංගුවට




යාපනය, මාමුනෙයි හා චුන්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකළ හා විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දොලොස්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, උතුරු නාවික විධානයේ මාමුනෙයි නාවික අනුඛණ්ඩයේ කුඩා යාත්‍රා යොදවා මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

සැකකරුවන්ට අයත් ඩිංගි යාත්‍රා  තුනක්  සහ නීති විරෝධී ධීවර ආම්පන්න ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

මෙරට මුහුදු සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නිරන්තර අවධානයෙන් සිටිමින් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.