Tuesday, May 7, 2024

General line - 0115112241

IPL තරඟාවලියේ දී පංජාබ් කණ්ඩායමට තවත් ජයක්




ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තැරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ලකුණු 13ක ජයක් හිමි කර ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි.

ඒ අනුව, පළමුව පන්දුවට පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 214ක් රැස් කළා.

සෑම් කරන් පන්දු 29කදී ලකුණු 55ක් රැස් කළේ 6යේ පහර 4ක් සහ 4රේ පහර 5ක් සමඟින්.

ලකුණු 215ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 201ක් පමණයි.

කැමරන් ග්‍රීන් පන්දු 43කදී ලකුණු 67ක් රැස් කළා.