Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරඟය අද ඇරඹේ




සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද  ආරම්භ වනවා.

ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ජය හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක හා ලකුණු 280ක ජයක් අත්කර ගත් අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ දැවැන්තම ටෙස්ට් ජයග්‍රහණය ලෙසයි ඉතිහාසයට එක්වුණේ.

මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කරන සිය වන ටෙස්ට් ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක් වනවා.

ශ්‍රී ලංකාව මේ දක්වා ටෙස්ට් තරග 310කට ක්‍රීඩා කර ඉන් තරග 99 ක් ජයගෙන තරග 119ක් පරාජය වී තිබෙනවා.

ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව ඇති තරග සංඛ්‍යාව 92ක්.