Saturday, May 11, 2024

General line - 0115112241

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගෙන් ශතක දෙකක්




සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ මේ වන විට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශතක දෙකක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන නායක දිමුත් කරුණාරත්න හා නිශාන් මධුෂ්ක සමත් වුණා.

ඒ අනුව දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් සිය මංගල ශතකය වාර්තා කරමින් නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 104 ක් රැස් කර සිටියා.

නායක දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 115 ක් ලබාසිටියදීයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට එක් කඩුල්ලක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 228 ක්.

අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 492 ක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 264 ක් පසුපසින් සිටිනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.