Wednesday, May 8, 2024

General line - 0115112241

රට අනතුරේ දමන IMF කොන්දේසි මහාචාර්ය චන්න අන්ලිමිටඩ් හිදී හෙළි කරයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම රටට අනතුරක් බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේදී එක්වෙමින්. 


විදේශීය ණය ප්‍රතිව්‍යුවහ ගත කිරීමට පෙර දේශීය ණය කපාහරින ලෙස පනවා ඇති කොන්දේසිය කිසිසේත්ම රටට යහපත් නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 


දේශීය ණය කපා දැමීමෙන් මෙරට බැංකු පද්ධතියට සිදුවන අවදානම සම්බන්ධයෙන් ද මහාචාර්ය චන්න ජයසුමන මෙහිදී අනාවරණ කළා.


පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.