Thursday, May 9, 2024

General line - 0115112241

වනිදු IPL වල පන්දුවෙන් වැඩ පෙන්වයි




ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පන්දුවෙන් දස්කම් දැක්වුවා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවැති තරගයේදීයි.

බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන වනිඳු, එහිදී පන්දුවාර 04 කදී ලකුණු 24 ක් ලබාදෙමින් කඩුළු 02 ක් බිඳ හෙලුවා.

පන්දුවාර 40 කදී ලකුණු 379 ක් වාර්තා වූ මෙම සමස්ථ තරගයේ අඩුම ලකුණු සංඛ්‍යාවක් ලබාදුන් හොඳම පන්දු යැවීම වාර්තා කළේ ද වනිඳු හසරංගයි. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 05 කට ලකුණු 200 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී රැස්කර ගත හැකි වූයේ ලකුණු 179 ක් පමණයි.