Wednesday, May 8, 2024

General line - 0115112241

රජයේ රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක්




රජයේ රෝහල් භාවිත කරනු ලබන ඖෂධ වර්ගවලින් වර්ග 112ක හිඟයක් මේ වන විට  පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශයක් සිදුකරමින්

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මේ වනවිට ලංකාවේ රෝහල්වල ඖෂධ වර්ග 1,347ක් භාවිත කරන අතර, එයින් වර්ග 150ක හිඟතාවයක් පවතින බවයි.

තවද ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා රජය විසින් වාර්ෂිකව රු බිලියන 50ක මුදලක් ඩොලර් මිලියන 13.6ක්  වැය කරනු ලබන බවයි.

මීට අමතරව කැබිනට් මණ්ඩලයේ ඉල්ලීමක් වශයෙන් සලකා මුදල් අමාත්‍යාංශය තවත් මිලියන 40ක පමණ මුලක් වෙන් කර තිබෙන බවද ඔහු එහිදී දදහන් කර සිටියා.