Sunday, April 28, 2024

General line - 0115112241

සුඩානයේ සටන් විරාමයට යළි තිත තැබේ




අගනුවර තුළ සිරවී සිටි  පුද්ගලයින් මුදාගැනීම සඳහා සුඩානය තුළ තෙවන වරටත් ක්‍රියාත්මක කළ සටන් විරාමය කඩ වී තිබෙනවා. ඒ අනුව කාටුම් නගරය පුරා යළිත් දරුණු ගැටුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ අනුව අගනුවර සිටින ප්‍රතිවාදී හමුදා කණ්ඩායම්වල ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම යළිත් ආරම්භ කළ බව සුඩාන හමුදාව පවසා තිබෙනවා. සුඩාන හමුදාව විසින් ප්‍රතිවාදීන්ගේ ඉලක්ක  වෙත ගුවන් ප්‍රහාර හා කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

හමුදාව මෙලෙස ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ තෙවන වරට ප්‍රකාශයට පත් කළ සටන් විරාමය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ පසුබිමක් තුළයි.

කෙසේවෙතත් තවත් මිලියන ගණනක් ගැටුම්වලට මැදිව කාටුම් අගනුවර තුළ සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ගැටුම් හමුවේ මේවනවිට අගනුවර ආහාර සැපයුම් මාර්ග සඳහා ද බාධා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.