Sunday, April 28, 2024

General line - 0115112241

සටන් විරාම මැද සුඩාන අගනුවරට ගුවන් ප්‍රහාර




සටන් විරාමය නොතකමින් සුඩානයේ කාටූම් අගනුවර වෙත ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුඩාන රජයේ හමුදා ප්‍රකාශ කර ඇත්තේ අගනුවර තුළ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සදහා ප්‍රතිවාදී හමුදා කණ්ඩායම් පළවා හැරිමට එම ප්‍රහාර එල්ල කළ බවයි.

දෙපාර්ශවය අතර සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීම සදහා සාකච්ඡා පැවැත්වෙමින් තිබියදි එම ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම ප්‍රහාරවලින් කාටුම් අගනුවර ගොඩනැගිලි ගණනාවක් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සුඩාන රජයේ හමුදාව සහ ප්‍රතිවාදී හමුදා කණ්ඩායම් අතර දින ගණනාවක් පුරා පැවති ගැටුම් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 500කට අධිකයි. යුද ගැටුම් හේතුවෙන් කාටුම් අගනුවර තුළ පුද්ගලයින් මිලියනය ගණනක් සිරවී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.