Saturday, April 27, 2024

General line - 0115112241

ආර්ථික අර්බුද මැද පකිස්ථානය ඖෂධ මිල ඉහළ දමයි




පකිස්තානයේ ඖෂධ මිල ඉහළ දැමීමට එරට රජය අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන ඖෂධවල සිල්ලර මිල සියයට 20කින් සහ අත්‍යාවශ්‍ය ඖෂධවල මිල සියයට 14කින් ඉහළ දමා තිබෙනවා.

රට තුළ පවතින ආර්ථික හා විදේශ විනිමය අර්බුදය හමුවේ ඖෂධ නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇතැයි නිෂ්පාදකයින් කිහිප අවස්ථාවකදී පකිස්තාන රජයට පෙන්වා දී තිබුණා.

අමුද්‍රව්‍ය හිගය හා ආනයනය කිරීමේදි පවතින ගැටළු හමුවේ ඖෂධ නිෂ්පාදනය තවදුරටත් පවත්වාගෙන යා යුතු නම් ඖෂධ වල මිල ඉහළ දමන ලෙසයි ඔවුන් යෝජනා කළේ.

කෙසේවෙතත් ඖෂධ මිල ඉහල දැමූ ප්‍රතිශතයන් සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදකයින් සිය නොසතුට පළ කර ඇතැයි පකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. කෙසේවෙතත් මහ මැතිවරණයක් අභියස ඖෂධ මිළ ඉහළ දැමීම අභියෝගයක් බැවින් පකිස්තාන රජය ඖෂධ වල මිල තවදුරටත් ඉහළ දැමීම ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.