Saturday, April 27, 2024

General line - 0115112241

මැයි දිනය දා ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතාවක්




ප්‍රංශය පුරා පැවැත්වෙන එරට රජයට එරෙහි මහජන විරෝධතා මාලාව මැයි දිනයේදී තවදුරටත් උත්සන්න වුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ විරෝධතා සඳහා එක්වීමට ප්‍රංශ වැසියන් දස දහස් ගණනක් වීථිවලට රැස්ව සිටි බවයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් ගෙන ආ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට අදාල ප්‍රතිසංස්කරණවලට හා ඔහුගේ රජයට එරෙහිව එරට වැසියන් මාස කිහිපයක සිට මෙලෙස විරෝධතාවල නිරත වී සිටිනවා.

ඊයේ දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර කම්කරු දිනයේදී එම විරෝධතා උත්සන්න වුණා.

විරෝධතාකරුවන්ගේ ඉහළ සහභාගීත්වය හමුවේ ඊයේ දිනයේදී ප්‍රංශය පුරා පොලිස් බලඇණි ද අනියුක්ත කර සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාකරුවන් බොහෝ පිරිසක් සාමකාමී ලෙස කටයුතු කල ද රැඩිකල්මතවාදී කණ්ඩායම් විසින් පොලිස් නිලධාරීන් වෙත පෙට්‍රල් බෝම්බ හා ගිනිකෙළි විසි කර තිබුණා.

කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දෙපිරිස අතර ගැටුම් හටගෙන ඇති අතර පොලිස් නිලධාරීන් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

විරෝධතාකරුවන් කොපමණ පිරිසක් තුවාල ලබා ඇතිද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව  විදෙස් වාර්තාවල සඳහන්. කෙසේවෙතත් විරෝධතාකරුවන් 291දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.