Tuesday, April 30, 2024

General line - 0115112241

පකිස්ථාන විදේශ ඇමති ඉන්දියාවට




පස මිතුරන් ලෙස ලෝක ප්‍රකට ඉන්දු පකිස්ථාන සබඳතා නව මානයකට පැමිණ තිබෙනවා.

ඒ, පකිස්ථාන විදේශ අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය හේතුවෙන්.

මෙම සංචාරය දෙස ලෝකයේම අවධානය යොමුව ඇත්තේ පකිස්ථාන විදේශ අමාත්‍යවරයෙකු ඉන්දියාවට පැමිණෙන්නේ වසර 12කට පසුව වීම හේතුවෙන්.

මීට පෙර පකිස්ථාන විදේශ අමාත්‍යවරයෙකු ඉන්දියාවට පැමිණ තිබුණේ 2011 වසරේදීයි.

පකිස්ථාන විදේශ අමාත්‍ය ඉලාවල් බූටෝ සරදාරි මෙලෙස ඉන්දියාවට පැමිණෙන්නේ ගෝවා හි පැවැත්වෙන කලාපීය ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වීමේ අරමුණින්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සම්මන්ත්‍රණය සඳහා චීන සහ රුසියානු විදේශ අමාත්‍යවරුන්ද එක්ව සිටින බවයි.

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවට පැමිණිමට පෙර ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශන්කර් රුසියානු සහ චීන විදේශ අමාත්‍යවරුන් මුණ ගැසී සාකච්ඡා කිරීමටද නියමිතයි.