ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වන ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.
ඒ, අය්ලන්තයට එරෙහි ටෙස්ට් තරඟාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
ස්ථාන 6ක් ඉදිරියට පැමිණ ඇති ප්‍රභාත් ජයසූරිය නවතම ශ්‍රේණිගත කිරීමේ පසු වන්නේ 13වන ස්ථානයේයි.
රමේෂ් මෙන්ඩිස් නවතම ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 10ක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඔහු එහි පසුවන්නේ 22වන ස්ථානයේයි. ස්ථාන 9ක් ඉදිරියට පැමිණ ඇති අසිත ප්‍රනාන්දු නවතම ශ්‍රේණිගත කිරීමේ 45වන ස්ථානයට පැමිණ තිබෙනවා.
එස් ස්ථානයක් ඉදිරියට පැමිණි විශ්ව ප්‍රනාන්දු නවතම ශ්‍රේණිගත කිරීමේ පසු වන්නේ 58වන ස්ථානයේයි.
නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණිමට ඇන්ජලෝ මැතිවුස් සමත් වී තිබෙනවා.
ඔහු නවතම ශ්‍රේණිගත කිරීමේ පසු වන්නේ 22 වන ස්ථානයේයි.
එක් ස්ථානයක් ඉදිරියට පැමිණි ධනංජයද සිල්වා 37වන ස්ථානයේත් ස්ථාන ඉදිරියට පැමිණි කුසල් මෙන්ඩිස් 39වන ස්ථානයේත් පසු වනවා.
ස්ථාන 2ක් ඉදිරියට පැමිණ ඇති සදීර සමරවික්‍රම නවතම ශ්‍රේණිගත කිරීමේ පසු වන්නේ 79වන ස්ථානයේයි.