Monday, November 25, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාලය ගැන තොරතුරු දෙන්නැයි වැඩබලන පොලිස්පති ජනතාවට කියයි




මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට නම් ඒවා සැපයුම නතර කළ යුතු බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. 

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් පොලිසිය වෙත ලබාදෙන ලෙසයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ. 

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙම අදහස් පළ කළා.