Tuesday, April 30, 2024

General line - 0115112241

පුටින්ට පහර දීම සඳහා ඩ්‍රෝන යානා එවූ සිද්ධියට අමෙරිකාවත් ගෑවෙයි




රුසියාවේ මොස්කව් නුවර පිහිටි ජනාධිපති මන්දිරයට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරය සඳහා අමෙරිකාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ධවල මන්දිරය පවසනවා.

එහි ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ ක්‍රෙම්ලිනයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව, අමෙරිකාවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ සම්බන්ධයෙන් අමෙරිකාවට සිදු කිරිමට යමක් නොතිබුණු බවත්, රුසියාව සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කළා. කෙසේවෙතත් ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් චෝදනා කළේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කිරීමට ඩ්‍රෝන යානා එවීම වැනි ප්‍රහාර සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ යුක්රේනය නොව අමෙරිකාව බවයි.

යුක්රේනය සිදු කරන්නේ ඔවුන්ට කරන්නේ ඔවුන්ට පැවරූ දේ පමණක් බව ද ඔහු ප්‍රකාශ කළා. කෙසේවෙතත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනයට ඩ්‍රෝන යානා එවීම සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි යුක්රේනය ද පැවසුවේ.