Wednesday, May 1, 2024

General line - 0115112241

සතුරු ඩ්‍රෝන යානයක් යැයි සිතා යුක්‍රේනයේම ඩ්‍රෝනයකට වෙඩි තියලා




යුක්‍රේන ගුවන් හමුදාව විසින් එරට මධ්‍යම කිව් අගනුවර ජනාධිපති කාර්යාලයට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ඩ්‍රෝන යානයක් වෙඩි තබා විනාශ කරනු ලැබ තිබෙනවා.

ඩ්‍රෝන යානය දුටු විගස යුක්‍රේන ආරක්ෂක අංශ ඊට වෙඩි තබා ඇති අතර විනාඩි 15 කින් පමණ එය පිපිරී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

යුක්‍රේන ජනාධිපති කාර්යාලය පළමුව ප්‍රකාශ කළේ තමන්ද සතුරු ඩ්‍රෝන යානයක් වෙඩි තබා විනාශ කළ බවයි.

එහෙත් එම ඩ්‍රෝන යානය යුක්‍රේනයේම ඩ්‍රෝන යානයක් බවටයි ඔවුන් පසුව තහවුරු කළේ.

එම ඩ්‍රෝන යානය පාළනයෙන් ගිලිහුණු ඩ්‍රෝන යානයක් බවත්,  අත්වැරදීමකින් ජනාධිපති කාර්යාලය අසල ප්‍රදේශයට පැමිණි ඇති බවත්, ඇතිවිය හැකි අනවශ්‍ය තත්ත්වයක් වළක්වා ගැනීමේ අරමුණින් ඊට වෙඩි තැබූ බවත් යුක්‍රේන ගුවන් හමුදාව පවසා තිබෙනවා.

මෙම ඩ්‍රෝන සිද්ධිය වාර්තා වූයේ රුසියානු ජනාධිපති කාර්යාලයට ඉහළ අහසේදී ඩ්‍රෝන යානා දෙකක් වෙඩි තබා බිම හෙළීමේ ලෝකයේම අවදානය හිමිවූ සිද්ධියෙන් පසුවයි.

එම ඩ්‍රෝන යානා හරහා රුසියානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සහයක් තිබූ බවට රුසියාව චෝදනා කරද්දී යුක්‍රේනය එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

මෙම ප්‍රහාරයේ මහ මොළකරු අමෙරිකාව බවටයි රුසියාව චෝදනා කරන්නේ.

එහෙත් අමෙරිකාව ද එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ එය හාස්‍යජනක ප්‍රකාශයක් බවයි.