Tuesday, April 30, 2024

General line - 0115112241

ලොව ප්‍රථම වරට ගර්භාෂයේ සිටියදීම බිළිදෙකුගේ මොළයේ සැත්කමක්




ලොව ප්‍රථම වරට වෛද්‍යවරු කණ්ඩායමක් විසින් ගර්භාෂයේ සිටියදීම බිළිදෙකුගේ මොළයේ සැත්කමක් සිදු කර දිවි බේරා ගත් පුවතක් වාර්තා වෙනවා.

ඇමරිකානු වෛද්‍යවරු කණ්ඩායමක් විසින් බ්‍රිග්හැම් කාන්තා රෝහලේ සහ බොස්ටන් ළමා රෝහලේදී මෙම විශේෂ සැත්කම සිදුකර තිබෙන්නේ.

ගැබ්ගෙන සති 34ක් පමණ වන බිළිදෙකුට මෙම විශේෂ සැත්කම සිදු කර ඇති අතර අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකදී වෛද්‍යවරුන් විසින් මෙම බිළිදාගේ මොළය තුළ "Venus of Galen malformation"  නම් මෙම දුර්ලභ රුධිර නාල අසාමාන්‍යතා රෝගී තත්වය ඇති බව සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මොළයේ සිට හදවතට රුධිරය ගෙන යන රුධිර නාලය නිසි ලෙස වර්ධනය නොවීම නිසා මෙම තත්ත්වය ඇතිවන අතර මෙම විකෘතිතාවයේ ප්‍රතිඵලයක් ලෙස අධික රුධිර ප්‍රමාණයක් ශිරා සහ හෘදය ආතතියට පත් කරන අතර සෞඛ්‍ය ගැටලු රැසකට තුඩු දිය හැකි බව වෛද්‍යවරුන් පවසන්නේ 

මෙවැනි ළදරුවන්ට ප්‍රතිකාර කරන්නේ ඔවුන් ඉපදුණු පසුව වන අතර මේ හේතුවෙන් ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා මෙම තත්ත්වය ඇති ළදරුවන්ගේ දිවි බේරා ගැනීමට අපහසු බවත් සමහර ළදරුවන් දරුණු ස්නායු හා සංජානන ගැටළු වලට මුහුණ දෙන බවයි වෛද්‍යවරුන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.