Tuesday, April 30, 2024

General line - 0115112241

පාකිස්තාන විදේශ අමාත්‍යවරයෙකු වසර 12 කට පසු ඉන්දියාවට




ලෝකයේම අවධානය දිනාගනිමින් පාකිස්තාන විදේශ අමාත්‍ය බිලාවල් භූටෝ සර්ධාරි අද ඉන්දියාවට පැමිණියා. ඒ, ඉන්දියාවේ ගෝවාහි පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගිවීමේ අරමුණින්. පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු මෙලෙස ඉන්දියාවට පැමිණෙන්නේ වසර 12 කට පසුව වීම විශේෂත්වයක්. 

පාකිස්තාන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී ද්වීපාර්ශවීය වශයෙන් බලපාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වනු ඇති බවට වාර්තා පළ වුවද ඒ පිළිබඳ කිසිදු නිල වාර්තාවක් මෙතෙක් ප්‍රකාශයට පත්වී නැහැ.

කෙසේවෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ පාකිස්තාන විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ න්‍යාය පත්‍රය තුළ ඉන්දු - පාකිස්තාන ගැටුම් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් ඇතුලත්ව නොමැති බවයි.