ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්රිට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයේදී ද චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වී තිබෙනවා.
ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහි තරඟයේදීයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඬුලු 8 කට ලකුණු 167 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 140 ක් පමණයි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරතවූ මතීෂ පතිරණ දිල්ලි කණ්ඩායමේ කඬුලු 3 ක් බිඳ හෙලුවා.
ඒ, නියමිත පන්දුවාර 04 දී ලකුණු 37 ක් පමණක් ලබාදෙමින්.
මෙම තරඟාවලිය පුරා පන්දුවෙන් මතීෂ පතිරණ දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් මෙම තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් පවා පැසසුමට ලක්කර තිබෙනවා.