Monday, November 25, 2024

General line - 0115112241

ආසියානු ක්‍රිකට් කුසලානයේ අර්බුදයට ශ්‍රී ලංකාවත් මැදි වෙයි




මේ වසරේ පැවැත්වීමට නියමිත ආසියාන කුසලාන ක්‍රිකට් තරඟාවලිය  සම්බන්ධයෙන් යළි අර්බුදයක් මතුව තිබෙනවා.

ඒ, තරඟාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් පකිස්ථානය ඉදිරිපත් කළ නව යෝජනාවට ශ්‍රී ලංකා ක්‍රිකට්, විරෝධය පළ කිරීමයි.

මෙවර තරඟාවලිය පකිස්ථානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට මීට පෙර තීරණය කෙරුණා.

එහි පළමු ගැටලුව උද්ගත වුණේ ඉන්දියාව පකිස්ථානයට පැමිණිම ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

ඒ අනුව, ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වීමටත් සෙසු තරඟ පාකිස්ථානයේ පැවැත්වීමටත් යෝජනා කර තිබෙනවා.

එහෙත් පකිස්ථානයේ එම යෝජනාවට ශ්‍රී ලංකා මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලද සිය විරෝධය පළ කර ඇතැයි  ක්‍රීඩා මාධ්‍යයන්හි සඳහන්.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන්නේ එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කරගෙනයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පවතින අධික උණුසුම ක්‍රීඩකයින්ට බලපෑ හැකි බවටයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පවසා ඇත්තේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.