ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කළ නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 09වන ස්ථානයට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයද සිටීම විශේෂත්වයක්. බංග්ලාදේශය පසු වන්නේ ශ්‍රේණිගත කිරීමේ 7වන ස්ථානයේයි.
ඇෆ්ගනිස්ථානය ශ්‍රේණිගත කිරීමේ 8වන ස්ථානයේ පසුවනවා.
නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු වන්නේ ඔස්ටේ්රලියාවයි.
පකිස්ථානය 2වන ස්ථානයේත්, ඉන්දියාව 3වන ස්ථානයේත් පසුවනවා.
නවසීලන්තය පසු වන්නේ 4වන ස්ථානයේයි.
5වන ස්ථානය එංගලන්තයටත් 6වන ස්ථානය දකුණු අප්‍රිකාවටත් හිමිව තිබෙනවා.
එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලබා ඇත්තේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 8 සිටින කණ්ඩායම් පමණයි.