Monday, November 25, 2024

General line - 0115112241

ක්‍රිකට්වලින් ඉන්දියාවට ඩොලර් මිලියන 230ක් - ලංකාවට මිලියන 27යි




2027 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සංවිධාන කරන තරඟවලින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 230ක් උපයා ගැනීමට ඉන්දියාව සැලසුම් සකස් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මූල්‍ය සැලසුමේ සමස්ත වටිනාකමින් එය සියයට 38යි දශම 5ක්. 

නව මූල්‍ය සැලසුමට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 600ක්. ඉන් ශ්‍රී ලංකාවට හිමිවන මුදල මෙරිකානු ඩොලර් මිලියන 27යි දශම 1යි 2ක්.

එය සමස්ත ආදායමෙන් සියයට 4යි දශම 5යි 2ක්. ඉන්දියාව සමස්ත ආදායමෙන් සියයට 38යි දශම 5ක් උපයා ගැනීමට සැලසුම් කර ඇති අතර වෙනත් කිසිදු රටකට සියයට 7 ඉක්මවූ ප්‍රතිශතයක් පවා නොලැබී තිබීම කැපී පෙනෙන තත්වයක්.