Thursday, May 2, 2024

General line - 0115112241

බූස්ස බන්ධනාගාරයේ ප්‍රභලයන් පිරිසකට දැමූ සීසීටීවී කැමරා කැඩෙයි




බූස්ස බන්ධනාගාරයේ ප්‍රබල ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින ඇතැම් සිර මැදිරිවල සවිකර තිබු CCTV කැමරා අක්‍රීය වී තිබෙනවා.

එම බන්ධනාගාරයේ ස්ථාපිත සමස්ත CCTV කැමරා ප්‍රමාණය 120 ක් පමණ වනවා.

එහෙත් ඉන් 20 ක පමණ ප්‍රමාණයක් මේ වන විට පවතින්නේ ක්‍රියා විරහිතව බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

එලෙස CCTV කැමරා අක්‍රීය වී ඇත්තේ වෙලේ සූදා, දෙමටගොඩ චමින්ද, පොඩි ලැසී ඇතුළු ප්‍රබල ඝණයේ අපරාධකරුවන් පිරිසක් රඳවා සිටින සිර මැදිරි කිහිපයකයි.

බූස්ස බන්ධනාගාරයේ ප්‍රබල ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරි ගණන 45 කට ආසන්න වනවා.

එහි සවිකර ඇති සමස්ත CCTV කැමරා 120න් 60 ක් සවිකර  ඇත්තේ 2020 වසරේදීය.

ඒවායින් 20 කට ආසන්න ප්‍රමාණයක්  මෙලෙස අක්‍රීය වී ඇති බවයි වාර්තා වුණේ.