Sunday, April 28, 2024

General line - 0115112241

ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළට




පවතින වැසි තත්ත්වය හේතුවෙන් නිල්වලා සහ ගිං ගංගාවල පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්‍ෂ එස් පී සී සුගීෂ්වර.

මේ හේතුවෙන් බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශ සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා.

පවත්නා තත්ත්වය හේතුවෙන් නිල්වලා සහ ගිං ගංගා ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ජනතාව තවදුරටත්  අවධානයෙන් කටයුතු කළයුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්‍ෂ එස් පී සී සුගීෂ්වර වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර දකුණු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවදානම් සහිත ප්‍රදේශවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් වෙත බලය පවරා තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ජලයෙන් යටවී ඇති ප්‍රදේශ ගණනාවක පාසල් අද දිනයේ නොපැවැත්වීමට අදාළ බලධාරීන් තීරණය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.