Saturday, April 27, 2024

General line - 0115112241

නිසි විසඳු නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා




නිසි විසඳුම්ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී සිය ඉල්ලීමට නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - වාණිජ, තනතුරට දූෂිත නිලධාරියෙකු පත් කළේ යැයි චෝදනා කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පසුගිය 10වනදා පැය 24 ක සංකේත වැඩවර්ජනයකද නිරත වුණා.

විෂය භාර අමාත්‍යවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ගන්නා තීරණ මත සිය විධායක කමිටුව රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගන්නා බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ.


කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබුන හොත් මගීන්ට අවම හානියක් වන පරිදි සිය වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

පසුගියදා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළද ඉන් දුම්රිය ධාවනයට දැඩි බලපෑමක් එල්ල නොවූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.