Sunday, April 28, 2024

General line - 0115112241

මුහුදු මාර්ගයේ රේස් පැද්ද තරුණයින් අට දෙනෙකුට පොලිස් ඇප




අවසරයකින් තොරව බම්බලපිටිය මුහුදු මාර්ගයේ යතුරු පැදි ධාවන තරගයක නිරතවීමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු තරුණයින් 8 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

ඊයේ අලුුයම් කාලයේදී එම සැකකරුවන් 8 දෙනා සහ ඔවුන්ට අයත් යතුරු පැදි 5ක් අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.

එම මාර්ගයේ ධාවනය වූ රථ වාහනවලට සහ පදිකයින්ට බාධාවන අයුරින් අදාළ යතුරුපැදි ධාවනය කර ඇති බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් අවුරුදු 17 සහ 23 යන වයස් කාණ්ඩවල පසුවන්නන් වන අතර ඔවුන් ලබන 19 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.