ඉන්දිය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක තරඟයක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.
ඒ, දිල්ලි කැපිටල්ස් සහ පංජාබ් කින්ග්ස් කණ්ඩායම අතරයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දිල්ලි කණ්ඩායම කඬුලු 2 ක් පමණක් දැවී ලකුණු 213 ක් රැස් කළා.
එහිදී රිලේ රොසෝව් පන්දු 37 කදී වේගවත් ලකුණු 82 ක් නොදැවී රැස්කිරීමට සමත් වුණා.
ඊට හයේ බහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඇතුලත්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කින්ග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඬුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 198 ක් පමණයි.
එක් අන්තයක් රැක ගනිමින් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ලියම් ලිවින්ස්ටන් පන්දු 48කදී ලකුණු 94 ක් රැස් කළා.
ඊට හයේ පහර 9 ක් සහ හතරේ පහර 5 ක් ඇතුලත්.
මෙම පරාජයත් සමඟ පංජාබ් කණ්ඩායමට ෂඡඛ ක්‍රිකට් තරඟාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථා ගිලිහී ගියා.