Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් වැඩකට අත ගසයි




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන ආදායමෙන් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද පියවර ගන්නා බව එම ආයතනයේ සභාපති ධූරයට යළි පත් වූ  ශම්මි සිල්වා පවසනවා.

එමෙන්ම වෙනත් ක්‍රීඩා සදහාද මුදල් ලබා දෙන බවයි ක්‍රිකට් සභාපති ධූරයට පත් වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙලෙස අදහස් දැක්වුවා.

අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී එම ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා යළි නිතරගයෙන් තේරී පත්වුණා.