Friday, April 26, 2024

General line - 0115112241

කොලීගේ ශතකය අපතේ යයි




ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජයග්‍රහණ අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් සමත් වුණා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජය වාර්තා කළේ කඩුළු 8 කින්.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් දැවි ලකුණු 200 ක් රැස් කිරීමට සමත් වුණා.

මයාන්ක් අග්‍රාවාල් පන්දු 46කදි ලකුණු 83 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ආකාශ් මද්වාල් ලකුණු 37කට කඩුළු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18කදී කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 201 ක් රැස් කරමින් එම තරගයේ ජය වාර්තා කළා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු සියයක් රැස් කළා.

පන්දු 47කදි වාර්තා වූ ඔහුගේ ශතකයට හතරේ පහර 8 ක් සහ හයේ පහර 8 ක් ඇතුළත් වුණා. 

ඊයේ රාත්‍රියේ පැවති අනෙක් තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 6ක ජයක් අත්කර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණ 197ක් රැස් කළා.

විරාත් කෝලි පන්දු 61කදී නොදැවී ලකුණු 101 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ, හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් සමගින්. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම පන්දුවාර 19 යි එක් පන්දුවකදී කඩුළු 4ක් දැවී ලකුණු 198 ක් රැස්කරමින් එම තරගයේ ජය වාර්තා කළා.

ගුජරාට් කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කළ ශුබ්මන් ගිල් පන්දු 52කදී ලකුණු 104ක් රැස් කළා.

ඒ, හතරේ පහර 5ක් සහ හයේ  පහර 8ක් සමගයි. 

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් මෙවරඅයි පී එල් තරඟාවලියේ අවසන් පුර්වවටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුනා