සිය විස්සයි විස්ස පිතිකරණ හැකියාව පිරිහෙමින් ඇති බවට ඇතමුන් ප්‍රකාශ කළද තමන්ට එවැනි හැගීමක් නොදැනෙන බව ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි පවසනවා.
තමන් නැවතත් ඉතා හොදින් විස්සයි විස්ස තරග රටාවේ ක්‍රීඩා කරමින් සිටින බවයි අයි පී එල් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විරාත් කෝලි ප්‍රකාශ කර ඇත්තේ.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේදී බැංගලෝර් රෝයල් චැලෙන්ජස් කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 101ක් රැස් කිරීමට විරාත් කෝලි සමත් වුණා.
පන්දු 61කදි වාර්තා වු ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.
එම ශතකයත් සමග අයි පී එල් ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා ලෙසද විරාත් කෝලි ඉතිහාසයට එක් වූ අතර ඔහු එම තරගයේදී වාර්තා කළේ සිය 7වන අයි පී එල් ශතකයයි.
මීට පෙර ශතක 6ක් රැස්කර ගනිමින් ක්‍රිස් ගේල් එම වාර්තාව පිහිටුවා තිබුණා.
එමෙන්ම විරාත් කෝලි මෙවර අයි පී එල් තරගාවලියේදි පිට පිටම වාර්තා කළ දෙවන ශතකයද මෙයයි.
කෙසේවෙතත් මෙම තරගය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ජය ගැනීම හේතුවෙන් කෝලි නියෝජනය කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මෙවර අයි පී එල් තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.