Sunday, April 28, 2024

General line - 0115112241

කසල තේ ප්‍රවාහනය කළ අයෙකු ආගරපතන ප්‍රදේශයේදී අත්අඩංගුවට




නීතිවිරෝධී ලෙස කසල තේ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ආගරපතන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ජීප් රථයක් මගින් ඩයගම සිට නුවරඑළිය දක්වා එම කසල තේ තොගය ප්‍රවාහනය කරමින් සිටියදීයි.

අදාළ ජීප් රථයේ තිබී කසල  තේ කිලෝ 370 ක් පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා ආගරපතන පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්යය බලකාය පියවර ගෙන තිබෙනවා.