Saturday, April 27, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩලය අනුමත කළ සංහිඳියාවේ ස්මාරකයට මැතිසබයේදී විරෝධයක්




ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැලඹීම්වල ප්‍රතිපලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිද හමුදාවේ හා පොලීසියේ සාමාජිකයින් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලු පුද්ගලයින් අනුස්මරණය කිරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විරෝධය පළ කරනවා.

කොළඹ නගරයේ සුදුසු ස්ථානයක එම ස්මාරකය ඉදිකිරීමට ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණා.

ඒ සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන.  


එම තීරණය තමන් දැඩිව හෙළා දකින බවයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර කියා සිටියේ. 


පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී දොලවත්ත ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.