Sunday, April 28, 2024

General line - 0115112241

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විරෝධතා පා ගමනට කඳුළු ගෑස්

හේරත් ඒකනායක




පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධාන කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ඒ, විරෝධතා පා ගමනට එක්ව සිටි පිරිස පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ සිට මහනුවර නගරය බලා ගමන් කිරීමට උත්සහ දැරීමේදීයි.

පේරාදෙණිය උද්භිද උද්‍යානය අසලදී පොලීසිය මාර්ග බාධක යොදා පාගමන ඉදිරියට පැමිණීම වැළැක්වීමට උත්සහ ගත් අතර විරෝධතාකරුවන් මාර්ග බාධක බිඳ ඉදිරියට ගමන් කළා.

පේරාදෙණීය දන්ත වෛද්‍ය පීඨය අසලදී නැවතත් මාර්ග බාධක යොදා පොලීසිය විරෝධතාකරුවන් නතර කිරීමට උත්සහ දැරූ අතර එම අවස්ථාවේදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහෙත් විරෝධතාකරුවන් විසිර නොයාම හේතුවෙන් තවත් අවස්ථා කිහිපයකදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය පියවර ගත්තා.

පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකින් පේරාදෙණීය උද්භිද උද්‍යානය අසල නවතා තිබූ විදේශීය සංචාරකයින් රැගෙන ආ වෑන් රථයකට ද හානි සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ශිෂ්‍ය මර්දනය ඇතුළු ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලමින් පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මෙම විරෝධතා පා ගමන සංවිධාන කර තිබුණා.