Sunday, April 28, 2024

General line - 0115112241

රත්තරන් සමග කොටුවූ මන්ත්‍රී ගැන තවත් තොරතුරු හෙළිවෙයි




නීතිවිරෝධී අයුරින් රත්තරන් තොගයක් මෙරටට රැගෙන ඒමේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබු මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සන්තකයේ තිබී ජංගම දුරකථන 91ක් ද හමුවී තිබෙනවා.

මන්ත්‍රීවරයා සතුව තිබි රත්‍රං කිලෝ 3.39 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 91 ක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කරමින් සිටියදී අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මන්ත්‍රීවරයා සතුව තිබියදී සොයා ගනු ලැබූ නීති විරෝධී භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 78ක් බවයි රේගුව සඳහන් කරන්නේ.

මන්ත්‍රීවරයා Fly Dubai ගුවන් සේවයට අයත් FZ547 යානයෙන් ඩුබායි සිට ආපසු මෙරටට පැමිණෙමින් සිටියදි මෙලෙස රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.