Thursday, April 18, 2024

General line - 0115112241

මහීෂ් සහ මතීෂගේ අගනා පන්දු යැවීමෙන් චෙන්නායි පිළ IPL අවසන් මහා තරඟයට




ඉන්දිය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරඟයට සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 15 කින් පරාජය කරමින්.

තරඟයේ කාසියේ වාසිය දිනු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 172ක් රැස් කළා.

රුටුරාජ් ගයික්වාඩ් චෙන්නායි ලකුණු පුවරුවට අගනා ලකුණු 60 ක් එක් කළා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 40 යි. පන්දු යැවීමේදී මොහිට් ශර්මා සහ මොහොමඩ් ශමී අතර කඬුලු 02 ක බැගින් බෙදී ගියා.

ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ අගනා පන්දු යැවීමක නිරත වෙමින් ප්‍රතිවාදී ටයිට්න්ස් කණ්ඩායමේ කඬුලු දෙක බැඟින් උදුරා ගැනීමට සමත් වුණා.

රවීන්ද්‍ර ජඩේජා සහ දීපක් චහාර් අතරේද කඬලු දෙක බැගින් බෙදී ගියා.