Thursday, March 28, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ටී කේ ජී කපිල




ක්‍රීඩකයන් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලියක් සදහායි.

එම තරඟාවලිය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි,

දෙරට අතර පළමු එක් දින ක්‍රිකට් තරඟය ජුනි මස 2 වනදා පැවැත්වෙන අතර දෙවන එක්දින තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජුනි මස 4 වනදායි.

සංචාරක ඇෆගිනිස්ථාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරඟය ජුනි මස 7 වනදා පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වීමට පෙර පවත්වනු ලබන අවසාන එක් දින ක්‍රිකට් තරඟාවලිය මෙය වනවා.