Wednesday, April 24, 2024

General line - 0115112241

IPL කඬුලු ලාභීන් අතර 10 වන තැන මතීෂට




මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඬුලු ලාභීන් අතර දසවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මතීෂ පතිරණ සමත්ව තිබෙනවා. ඔහු නියෝජනය කරනු ලබන්නේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමයි.

මේ දක්වා තරඟ 11 කට සහභාගීවූ මතීෂ බිඳ හෙලා ඇති කඬුලු සංඛ්‍යාව 17 ක්. මහීෂ් තීක්ෂණ ද චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු මේ වන විට කඬුලු 11 ක් දවාගනිමින් වැඩිම කඬුලු ලාභීන් අතර 25 වන ස්ථානයේ පසුවනවා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ ඊයේ පැවති අවසන් පූර්ව තරඟයේදී ද කඬුලු 02 බැඟින් බිඳ හෙලීමට මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ සමත් වුණා.

ඔවුන් දෙදෙනා නියෝජනය කරන චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මෙවර IPL ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට ඊයේ තරඟය ජයග්‍රහණය කිරීමත් සමඟ සුදුසුකම් ලබාගත්තා.