Thursday, November 30, 2023

General line - 0115112241

රත්‍රන් ගෙනා මන්ත්‍රීට පාර්ලිමේන්තුව තහනම් කරන්නැයි යෝජනා




නීති විරෝධීව ගෙනා රත්‍රන් සහ ජංගම දුරකථන සමඟ කටුනායක ගුවන් තොටුපළේදී රේගු භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර ද මෙවැනි නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ලවූ මන්ත්‍රීවරුන්ට පරීක්ෂණ නිමවන තුරු පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කළා සේ මෙවර ද එය සිදුකළ යුතු බව මන්ත්‍රීවරුන් මෙහිදී යෝජනා කර තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන තෙක් අලි සබි්‍ර රහීම් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තහනම් කරන ලෙසයි මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

මෙම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සිය කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වනවා.

කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් ඉකුත්දා අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවීමෙන් අනතුරුව මුදාහැරියා.

ඔහු නීතිවිරෝධීව දිවයිනට රැගෙන ඒමට තැත් කළ රන් බිස්කට් කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 500 ක් සහ ජංගම දුරකතන 91 ක් රේගු නිලධාරීන් විසින් රාජසන්තක කෙරුණා.