Saturday, April 20, 2024

General line - 0115112241

ආසියානු කුසලානය ගැන අවසන් තීරණය ලබන ඉරිදා ?




මතභේදයට තුඩුදී ඇති මේ වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රිකට් කුසලානය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන ඉරිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ඊට අදාළ ප්‍රධාන සාකච්ඡාවක් පැවැත්වෙන්නේ ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වෙන අහමදාබාද්හිදීයි. එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලවල ප්‍රධානීන් එක්වීමට නියමිතයි. එහෙත් ආසියානු කුසලානය පිළිබඳ අවසන් තීරණය ඇත්තේ මෙවර සත්කාරකත්වය දරණ පාකිස්තානය සතුවයි.

සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානයට සහභාගිවීමට පාකිස්තානයට යා නොහැකි බව ඉන්දියාව ප්‍රකාශ කිරීමත් සමඟයි එය අර්බුදයක් දක්වා දුරදිග ගියේ.

පසුව තරඟාවලිය කොටස් දෙකකට වෙන් කර ඉන්දියාව සහභාගී වන තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට යෝජනා කෙරුණා. එහෙත් එහි පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ඊට සහභාගී වීමට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අකමැත්ත ප්‍රකාශ කළා.