Thursday, March 28, 2024

General line - 0115112241

මුම්බායි පැරදවූ ගුජරාට් කණ්ඩායම IPL අවසන් මහා තරගයට




මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 62කින් ජය ගනිමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 233ක් රැස් කළා.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශුබ්මන් ගෙල් වේගවත් ලකුණු 129ක් රැස් කළේ පන්දු 60කට මුහුණ දෙමින්. ඔහුගේ ඉනිම 06 පහර 10කින් සහ 04 පහර 07කින් වර්ණවත් වුණා. පන්දු යැවීමේදී  ආකාශ් මද්වාල් සහ පියුෂ් චවුලා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 234ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 02ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 171ක් පමණයි.

සූර්ය කුමාර් යාදෙව් ලකුණු 61යි. පන්දු යැවීමේදී මොහෙට් ශර්මා පන්දුවාර 02යි පන්දු 02ක් අවසානයේ ලකුණු 10ක් පමණක් ලබා දෙමින් බිද හෙළු කඩුළු සංඛ්‍යාව 05ක්. 

ඒ අනුව, ගුජරාට් කණ්ඩායමේ මෙම ජයග්‍රහණය සමගින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ  හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේදී චෙන්නායී කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.