ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ මංගල ක්රීඩක වෙන්දේසිය 2023 ජූනි 14 වන දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම වෙන්දේසිය කොළඹ ෂැංග්රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුනේ.
ශ්රී ලංකාවේ පවත්වනු ලබන ප්රමුඛතම දේශීය T20 තරගාවලියේ දී මෙවර පළමුවරට ක්රීඩක වෙන්දේසියක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් කණ්ඩායම් පහක් සදහා ලබා දීමට නියමිතයි.
ඒ අනුව එක් කණ්ඩායමක් සඳහා ක්රීඩකයින් තෝරා ගැනීමේ වෙන්දේසියට ඇමරිකානු ඩොලර් 500,000 ක මුදලක් හිමිවෙනවා.
මෙවර පවත්වනු ලබන්නේ ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ 4 වන සංස්කරණය වන අතර මෙම තරඟ 2023 ජූලි 30 සිට අගෝස්තු 20 දක්වා පැවැත්වීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුනේ.