Wednesday, April 24, 2024

General line - 0115112241

ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර තරගාවලියකදී ශ්‍රී ලංකාවට පදක්කම් 51 ක්




2023 ජෝබාර් - සිංගප්පූරු ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් 51 ක් දිනා ගත් ශ්‍රී ලංකා ප්‍රවීන මළළ ක්‍රීඩක කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.  

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

එම තරගාවලිය පසුගිය 26 සහ 27 යන දින වල පැවැත්වුණේ මැලේසියාවේ ජෝබාර් නුවරදීයි.

ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීන  වෙළෙඳ සේවා මළළ ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 20 ක්, රිදී පදක්කම් 17 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක් එහිදී දිනා ගැනීමට සමත්වුණා.

දේශාන් බණ්ඩාරනායක යගුලිය, හෙල්ල සහ කවපෙත්ත විසි කිරීමේ ඉසව් වලින් රන් පදක්කම් 03 ක් දිනා ගත් අතර නලින් කපිල මිටර් 100, මීටර් 200 සහ මීටර් 400 තරග ඉසව් වලින් රන් පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.