Friday, March 29, 2024

General line - 0115112241

ලොව සුපිරි ඇෆ්ගන් පන්දු යවන්නා ශ්‍රී ලංකා තරඟාවලියෙන් ඉවතට




ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟ දෙකෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ඉවත් කර තිබෙනවා.

ඒ, පිටකොන්දේ ආබාධයක් හේතුවෙන්.

මේ වන විට ඔහු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

රෂීඩ් ඛාන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරඟයට සහභාගිවීමේ අපේක්ෂාවෙන් පසුවුවද එයද පවතින්නේ අවිනිෂ්චිත මට්ටමකයි.

ඉකුත්දා නිමාවූ ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඬුලු ලාභීන් තිදෙනා අතර සිටි රෂීඩ් ඛාන් ලොව එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පසුවන්නේ 06 වන ස්ථානයේයි.

එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමේ ලොව තුන්වැන්නා වන්නේද රෂීඩ් ඛාන්.

ඔහු ෂඡඛ අනුශූරයින්වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන්ගෙන් අයෙක්.

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන තරඟ 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි.