Thursday, April 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානයට එරෙහිව පුහුණුවීම පටන් ගනී




සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද පුහුණුවීම් ආරම්භ කළා.

ඒ, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන පළමු එක්දින ක්‍රිකට් තරඟය හෙට ආරම්භ වීමට නියමිතයි. තරඟාවලියට තරඟ 03 ක් ඇතුලත්.

පළමු තරඟය පැවැත්වෙන්නේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට පෙර ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් එක්දින තරඟාවලිය මෙය වනවා.

ඇෆ්ගනිස්තානය ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබාගත්තා.

එහෙත් ශ්‍රී ලංකාවට තරඟාවලියට එක්වීමට සුදුසුකම් ලැබීමේ තරඟාවලියකට ක්‍රීඩා කිරීමට සිදුව ඇති අතර එම තරඟාවලිය ජුනි 18 වනදා ආරම්භ වනවා. ඒ, සිම්බාබ්වේහිදීයි.