Thursday, April 25, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයට එරෙහි අද තරගයේදී ශ්‍රී ලංකාවටත් සුපිරි පන්දු යවන්නා අහිමි වන ලකුණු




සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා.

මෙම තරඟය පැවැත්වෙන්නේ දිවා තරඟයක් ලෙසයි.

දෙපිළටම මෙම තරඟය අතිශය වැදගත්.

ශ්‍රී ලංකාවට එය වැදගත් වන්නේ එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් ජාත්‍යන්තර තරඟාවලිය මෙය වීමයි.

ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ඇති ඇෆ්ගනිස්තානයට ඔවුන්ගේ සංයුතිය පරීක්ෂා කිරීමට ද මෙම තරඟාවලිය වැදගත් වනවා.

අද තරඟයට ශ්‍රී ලංකා පිලේ සූදානම කෙසේද ? මේ, ශ්‍රී ලංකා නායක දසුන් ශානක.

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගගේ සේවය අවිනිෂ්චිත මට්ටමක පවතිනවා සේම ඇෆ්ගනිස්තාන සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රශීඩ් ඛාන්ද අද තරඟයට එක් වන්නේ නැහැ. එය ශ්‍රී ලංකා පිළට වාසි සහගතද ?


ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරඟාවලියට එක්දින තරඟ 03 ක් ඇතුලත්.