Thursday, April 25, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලට අලුත් මුහුණු දෙකක්




සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා.  

ඒ, හම්බන්තොට සූරිය වැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නව ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත කැදවා තිබෙනවා.

මෙය ඔවුන් දෙදෙනාගේම මංගල එක් දින ක්‍රිකට් තරගයයි.

දුෂාන් හේමන්ත අද තරගයට කැදවා ඇත්තේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග වෙනුවටයි.

ඒ, ඔහු අබාධයකට ලක් වීම හේතුවෙන්. 

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.