Monday, November 25, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානය, ශ්‍රි ලංකාවට වඩා ලෝක කුසලානයට සුදුසු බව ඔප්පු කරයි




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද කඩුළු 06ක ජයක් අත්කරගත්තා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 268ක් රැස්කළා.

චරිත් අසලංක ලකුණු 91ක් රැස්කල අතර ධනංජය ද සිල්වා ලකුණු 51ක් රැස්කිරීමට සමත්වුණා.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 05ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 269ක් රැස්කරමින් තරගය ජයගත්තා.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ඊබ්රහීම් සද්රාන් ලකුණු 98ක් රැස්කළා.

කසුන් රාජිත ලකුණු 49කට කඩුළු 02ක් දවා ගත්තා.

මංගල ඵක්දින තරගයට ක්‍රිඩා කළ මතීෂ පතිරණ යැවූ පන්දුවාර 08යි පන්දු 05දි ඵක් කඩුල්ලත් දවා ගත්තද ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් ලකුණු 66ක් ලබාගත්තා.

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් ජාත්‍යන්තර තරඟාවලිය මෙයයි.

ඵමෙන්ම ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ඇති ඇෆ්ගනිස්තානයට ඔවුන්ගේ සංයුතිය පරීක්ෂා කිරීමට ද මෙම තරඟාවලිය වැදගත් වනවා.