Thursday, April 25, 2024

General line - 0115112241

අසලංක ඇෆ්ගනිස්ථානය හමුවේ ලද පරාජයට හේතු කියයි




සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග ඊයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූයේ සිය පිතිකරුවන් සහ පන්දු යවන්නන් උපරිම දක්ෂතා නොදැක්වීම හේතුවෙන් බව චරිත් අසලංක පවසනවා.

තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ පැවති එක්දින ක්‍රිකට් තරගය ජයගත්තේ කඩුළු 06කින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 268ක් රැස්කළා. චරිත් අසලංක ලකුණු 91ක් රැස්කල අතර ධනංජය ද සිල්වා ලකුණු 51ක් රැස්කිරීමට සමත්වුණා.
පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 05ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 269ක් රැස්කරමින් තරගය ජයගත්තා. 
දෙරට අතර පැවැත්වෙන දෙවන එක් දින ක්‍රිකට් තරගය හෙට හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.