Thursday, May 2, 2024

General line - 0115112241

අමෙරිකාවෙන් යලිත් චීනයට අනතුරු ඇගවීමක්




චීනය විසින් අත්තනෝමතික ක්‍රියාසිදුකරන බවට චෝදනා නගමින් අමෙරිකාව යළිත් වරක් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

එමගින් අමෙරිකාව පවසන්නේ චීන හමුදාවේ ආක්‍රමණශිලී ක්‍රියාකලාපය ඉතා ඉක්මනින් ජීවිත හානිවලට පවා හේතු විය හැකි බවයි.

අමෙරිකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි මෙම අදහස් පළ කළේ ඉකුත් දා චීන යුද නෞකාවක් අමෙරිකානු ප්‍රහාරක නෞකාවක ගැටීමේ අවදානමකට මුහුණ පා තිබූ පසුබිමක් තුළයි.

එය වළක්වා ගැනීම සඳහා චීනය සිය හමුදාවට බල කර ඇති බව ද අමෙරිකාව චෝදනා කළා.

එම සිදුවීම වාර්තා වූයේ චීන ප්‍රහාරක ජෙට් යානයක්, ඊට ඉදිරියෙන් පියාසර කළ අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානයක මාර්ගය හරහා සෘජුවම පියාසර කර තිබූ සිද්ධිය වාර්තාවීමත් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.