Saturday, April 20, 2024

General line - 0115112241

ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය හෙට 




 

ටෙස්ට් ලෝක ශූරතා අවසන්  තරගය හෙට ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරඟය සඳහා 2021 – 2023 වසරවලදී කණ්ඩායම් 09ක් සහභාගී වූ අතර ඕස්ට්‍රේලියාව තරග 19න් 11ක් ජයගෙන පළමු ස්ථානයටත් ඉන්දියාව තරග 18න් 10ක් ජයගෙන දෙවන ස්ථානයට පත්වී තිබෙනවා.
 
මේ අතර හෙට ආරම්භ වන තරගය ජයගන්නා කණ්ඩායම පිළිබඳව හිටපු සුපිරි ක්‍රිකට් තරු 05ක් වන රිකී පොන්ටින්, රවී ශාස්ත්‍රී, වසීම් අක්‍රම්, ඉයන් බෙල්, රොස් ටේලර් අනාවැකි පළකර තිබෙනවා .

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින් 5 දෙනා අතරින් ඔස්ට්‍රේලියා හිටපු සුපිරි ක්‍රීඩක රිකී පොන්ටින්, පාකිස්තානයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් සහ නවසීලන්ත හිටපු සුපිරි පිතිකරු රොස් ටේලර් පවසා ඇත්තේ ටෙස්ට් ලෝක ශූරතාවය ඔස්ට්‍රේලියාව ජයගන්නා බවයි.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයෙකු වන රවී ශාස්ත්‍රී එහිදී අනාවැකි පළකර ඇත්තේ තරගයේ ප්‍රථමයෙන් ඉදිරියට එන කණ්ඩායමට වැඩි වාසි අත්විය හැකි බවයි.